LATEST NEWS

කෝච්චියට තල්ලු කළ කාන්තාවන් 2000ක් අනාථයි ! හොරුන්ට දඬුවම් කළේ බණ්ඩාරනායක මහත්තයා විතරයි ! - රෙජිනෝල්ඩ් කුරේ පුටින් මෛත්‍රීට සළකපු හැටි.. අද දඩයම විමල්, හෙට මහින්ද ද ? ගෝඨා ද ? ප්‍රතිඵල සටහනේ කාන්තා පාසල් ඉදිරියෙන් කැබිනට් කුට්ටම ඇනෙන්නෙ මෙහෙමද ? අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක හෙළිදරව්වක.. රතුපස්වල පස් රතු කළ තුන්දෙනෙක් රිමාන්ඩ් ! කාවවත් වරදකරුවකු කරන්නේ නැහැ - බැඳුම්කර කොමිසම කියයි කේතුමතියේ සයිටම් විරෝධී බැනර් නෙවිල් ඇවිත් ඉරා දමලා ජනපති අගමැති 17 උසාවි ! මහින්දව ගෙදර යැවූ අයට අපායෙන් දඬුවම් නියතයි ! - බෙංගමුවේ නාලක හිමි ෆොනී - රංජිත් - මංගල එජාපයේ උඩට ! තනතුර වෙනුවෙන් වෘත්තිය පාවාදෙන්න බැහැ! - විමලනාත් වීරරත්න තාජුදීන් ඝාතනයට අමරසේකර අල්ලන්නේ නැද්ද?

දහසක් කඳුළු මැද ජයලලිතා සමුගනී

තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් අභාවප‍්‍රාප්ත වූ බව ඇපලෝ රෝහල නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලදී.

මියයන විට ජයරාම් 68වන වියේ පසු වුණු අතර ඇය 6 වරක් තමිල්නාඩු මහඇමති ධුරය හෙබ වූවා ය.

දකුණු ඉන්දීය දේශපාලනය තුළ ප්‍රබල භූමිකාවකට පණ පෙවූ ඇය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ මැදිහත්වීම නිසා මෙරට පුද්ගලයින් ද ඇය පිළිබඳව දැක්වූයේ තරමක උනන්දුවක් ය.

දින ගණනාවක් තිස්සේ රෝහල්ගතව සිටි ඇය දරුණු හෘදයාබාධයකින් පෙළෙන බව ඊයේ දින වාර්තා වුණේ ය.

ඇයට ශල්‍යකර්ම ද සිදු කර ඇති බව පැවසෙන අතර ඒවා සාර්ථක නොවූ බව වාර්තා වේ.

ජයරාම්ගේ මරණය සැළ වීමෙන් පසු ඇගේ ආධාරකරුවන් දහස් ගණනින් අද අළුයම් කාලයේ සිටම චෙන්නායි නුවර ඇපලෝ රෝහල ඉදිරිපිට රැඳී සිටියේ කඳුළු සලමිනි.

එම පිරිස පාලනය කිරීමට පොලිස් කැරළි මර්ධන ඒකක පවා යොදවා තිබුණි.

ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කොට ඇති අතර එම ප්‍රාන්තයේ පාසල් දින 3ක කාලයක් වසා තැබෙනු ඇති බව වාර්තා වේ.

ඇගේ දේහය ඇපලෝ රෝහලේ සිට චෙන්නායි හි රාජාජි ශාලාවට ගෙනා අතර මේවන විට මහජන ගෞරවය සඳහා එහි තැන්පත් කර තිබේ.

මේ අතර තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහඇමති ලෙස ඕ පනීර් සෙල්වම් මහතා දිවුරුම් දී තිබේ.

ඔහු එම ප්‍රාන්තයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

දේහය රෝහලේ සිට රැගෙන ආ වීඩියෝව පහතින් > > > 

  • Published on Wednesday 7th December 2016 08:09:50

  • Category

Recent Videos

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: views/singlearticle.php

Line Number: 182