LATEST NEWS

ඉන්ධන මිළ අද වෙනස් වෙයි ? මහින්දගේ මන්ත්‍රීධූරය අහෝසි කරයි ? පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගන්නවා - මහ ලේකම් දයාසිරි ජයසේකර ඩිලාන් පෙරේරා පොහොට්ටුවට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා එජාප මන්ත්‍රීන් කණ්ඩායම් දෙකක් දෙතැනකදී රැස්වෙයි මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ තෙවන කුඔල් පෙරහර සජීව විකාශය (Live ) ශාන්ත බණ්ඩාර ඉල්ලා අස් වෙයි මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත බාරදීමට සැරසුන පොලිස් ස්ථානාධිපතිට වැඩ වරදී රනිල්-සජිත් රහස් හමුවක් ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මියයයි මෛත්‍රී - මහින්ද විශේෂ හමුවක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි හතුරුසිංහ ධූරයෙන් ඉවතට වෑන් රථයකට පහර දුන් ගණිත ගුරුවරයාට ඇප

දේශපාලනඥයින්ගේ පාරවල් හැදීමේ ඇත්ත කතාව මෙන්න - VIDEO

රටක සංවර්ධනය උදෙසා විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැගීම එම රටෙහි පවත්නා රජය සතු අතහල නොහැකි වගකීමක්. එම ව්‍යාපෘති අතර මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන්ටද සුවිශේෂි ස්ථානයක් හිමි වනවා.

රජයෙන් වෙන්කරන ප්‍රතිපාදන මත එම කටයුත්තේ දී සියලු ඉදිකිරීම් සිදුවන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන්.

නමුත් මෙසේ වෙන් කල මුදලින් සංවර්ධනය කළ මාර්ග ඉදිරිපිට මෙවැනි පුද්ගල නාම සහිත පුවරු සකසා අති ආකාරය අප රෝ ටීවි කණ්ඩායමට දැකගත හැකිවුණා.

මහජනතාවගේ බදු මුදලින් සංවර්ධනය කල මෙම මාර්ග ඉදිරියේ තම පුද්ගල නම් සටහන් කිරීමට කිසිඳු පුද්ගලයෙකුට අවස්ථාව ලැබිය යුතුද? මෙම මාර්ග සංවර්ධනය කිරීම සඳහා තම පෞද්ගලික මුදලින් සතයක් හෝ වියදම් නොකරන මේ පුද්ගලයින් තම නම් සහ රුව සහිත මෙම දැවැන්ත පුවරු සඳහා ද වියදම් කර ඇත්තේ මහජන මුදල්.

මෙය ජනතා මුදලින් තම පුද්ගලික ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට කරන නාස්තිකාර වියදමක්.මහජන ඡුන්දයෙන් තේරී පත්වන දේශපාලඥයන් තමන් ලද ජනවරම හා ජනතා මුදල් මෙලෙස තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම තරයේ හෙලාදැකිය යුතුයි.

මොවුන් නාස්තිකොට ඇත්තේ තවත් මාර්ග රැසක් වෙනුවෙන් යෙදවිය හැකි මහජන මුදල් නොවේද..?

  • Published on Wednesday 2nd March 2016 10:06:25

  • Category

Recent Videos